Thursday, May 15, 2025
Home » නයාරු මුහුදේ ගිලී අතුරුදන් වුණු පුද්ගලයාගේ සිරුර සොයා ගනී

නයාරු මුහුදේ ගිලී අතුරුදන් වුණු පුද්ගලයාගේ සිරුර සොයා ගනී

by sachintha
May 1, 2024 1:01 am 0 comment

මුලතිව් නායාරු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදට ගසාගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර නාවික හමුදාව පෙරේදා (29) සොයාගෙන තිබේ. පස් දෙනකුගෙන් සමන්විත පිරිසක් විනෝදයට නායාරු මුහුදේ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනකු මුහුදට ගසාගෙන ගිය අතර නාවික හමුදාව හා නායාරු ධීවරයන් එක්ව ඒ දෙදෙනාගෙන් එක් අයකු බේරාගෙන ත්‍රිකුණමලය රෝහලට ඇතුළත් කොට තිබුණි. අතුරුදන් වූ අනෙක් ධීවරයා සෙවීමේ කටයුතුවලදී ඔහුගේ සිරුර හමු වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මීසාල උතුරු කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිව සිටි බාලසුන්දරම් ප්‍රදීපන් නමැති 43 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇත.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT