ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිලේ නායක ආර්. ගෝපික්‍රිෂ්ණන් තරගයේ ප්‍රධාන ආරාධිත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුසන්ත වීරසේන මහතා අතින් කුසලානය ලබා ගනිමින්. නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ නාගරික කොමසාරිස් සුජාතා බෝධිමාන මහත්මිය සහ ගාමිණී ජාතික පාසලේ විදුහල්පති නිමල් කුමාරදාස සහ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල්පති එස්. රවිචන්ද්‍රන් මහත්වරු ද මෙහි වෙති.
නුවරඑළිය ගාමිණී ජාතික පාසල සහ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල අතර ‘පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම’ පාසල් මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් අත්කර ගැනීමට ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිල සමත් විය.
පසුගියදා නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගණයේදී දෙවැනි වරටත් පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාමිණී විදුහල් පිල පළමු ඉනිමට ලකුණු 91කට සීමා කළ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිල පළමු ඉනිමට ලකුණු 117ක් රැස් කළේය. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ගාමිණී විදුහල් පිල ලකුණු 108කට දැවී ගිය අතර, ජයග්‍රාහී ලකුණු 83ක ඉලක්කය කඩුලු 8ක් දැවීයෑමෙන් පසු සපුරා ගැනීමට ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිල සමත් විය. ගාමිණී විදුහල් පිලේ ඉනිම් 2දීම කඩුලු 4 බැගින් දවාලූ ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ටෝනි ග්‍රෙග් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ගාමිණී විදුහල් පිලේ සෙව්ජිත් විදුනෙත හොඳම පන්දු යවන්නා ලෙසත් එම විදුහලේම සිතුම් ගීතාංජන හොඳම පන්දු රකින්නා ලෙසත් ශුද්ධ වූ ත්‍රිත්ව විදුහල් පිලේ වී. සිමියොන් හොඳම පිතිකරු ලෙසත් සම්මාන දිනා ගත්හ.
ගාමිණී විදුහල් පිල පළමු ඉනිම – 91 (සියලුදෙනා දැවී) යසිත් මෙනුෂාන් 24, සෙනුර දම්ප්‍රිය 14, ජනනු ආදිත්‍ය 12 (ටෝනි ග්‍රෙග් 20/4, එස්. යදූර්ෂන් 17/2, ටී. සෙබස්තියන් 20/2) සහ දෙවැනි ඉනිම – 108 (සියලුදෙනා දැවී) දහම් නයනජිත් 29, සෙව්ජිත් විදුනෙත 24, ශේන් ප්‍රනාන්දු 16 (ටෝනි ග්‍රෙග් 31/4, ආර්. ගෝපික්‍රිෂ්ණන් 18/3)
ශුද්ධ වූ ත්‍රිත්ව පළමු ඉනිම – 117 (සියලුදෙනා දැවී) වී. සිමියොන් 41, ප්‍රවීන් කුමාර් 26, එස්. නවීන් 19 (සෙව්ජිත් විදුනෙත 41/6, ජනනු ආදිත්‍ය 18/2) සහ දෙවැනි ඉනිම – 83/8. ආර්.ගෝපික්‍රිෂ්ණන් 30, ටී.විජිත් 17 (සෙවිජිත් විදුනෙත 50/3, ජනනු ආදිත්‍ය 8/3, යසිත් මෙනුෂාන් 19/2)
ෆවුස් මොහොමඩ්