ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ මැයි දින රැලියට එකතු වූ ඇමැතිවරයා නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිස
‘රොද බඳිමු ඉතසිතින් – එක්සත්ව හදවතින්’ තේමාව යටතේ මෙවර සැමරෙන ගොවි කම්කරු ජනතාවගේ පොදු ජන මැයි රැලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සමාජිකත්වය දරන රට පුරා සාමාජිකයෝ අතිවිශාල ප්‍රමාණයක් කොළඹ කැම්බල් පිටිය දක්වා ගමන් ගන්නා පෙළපාළිය සඳහා එක් වූහ. නරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ සිට ආරම්භ වුණු මේ පෙළපාළියට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලදී ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද එක් විය.
ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං මහතා ඇතුළු වෘත්තිය සමිති ප්‍රධානීන්ගේ නායකත්වය යටතේ එහි සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් මෙවර මැයි දිනය වෙනුවෙන් එක්ව සිටීම විශේෂත්වයකි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“අපේ රටේ පාසල් ශිෂ්‍යයාගේ පටන් පොදු ප්‍රවාහනයේ සුවිශාලතම ජාතික වගකීමක් ඉටු කරනු ලබන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයයි. ඔවුන්ගේ සේවය නොමැති වුව හොත් දරුවන්ට පාසල් යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ, දුෂ්කර මාර්ගයක ගමනාගමන පහසුකම් සලසා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ, සේවය අවසන් කොට රාත්‍රියේ නිවෙසට ආපසු යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ, එම නිසා ඔවුන් ඇත්ත වශයෙන්ම මේ රටේ වැඩ කරන නිර්ව්‍යාජ ජන කොටසක්. වසර 66ක් පුරා ඔවුන් ජනතාව පැත්තේ සිටගනිමින් මැයි දින රැලියට සහභාගි වී තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තිය සමිතිය මෙවරත් දහස් ගණනක සමාජික පිරිසක් සමඟ මැයි දින රැලිය සඳහා එක්ව සිටිනවා. ඒ පිළිබඳ ඔවුන් සියලු දෙනාටම අපගේ ගෞරවය හිමි වනවා.”
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.