එංගලන්ත හිටපු වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මොන්ටි පනේසාර් මීළඟ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකු ලෙස ජෝර්ජ් ගැලෝවේ කම්කරු පක්ෂය වෙනුවෙන් මැතිවරණයට පෙනී සිටීමට තීරණය කරයි.
ලන්ඩනයේ ඊලිංග් සවුත්හෝල් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් ඔහු පෙනී සිටීමට නියමිත අතර, එය විවෙන්දර් ෂර්මා යටතේ 2007 සිට කම්කරු පක්ෂයේ බළකොටුවක් විය. 2021 සංගණනයට අනුව, ඊලිංග් සවුත්හෝල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකක් පමණ ආසියානු ජාතිකයින් වේ.
“මට මේ රටේ කම්කරුවන්ගේ හඬ වීමට අවශ්‍යයි” යනුවෙන් පනේසාර් බ්‍රිතාන්‍යයේ ‘ට්‍රෙලිග්‍රාෆ්’ පුවත්පතට පැවසීය. “දේශපාලකයෙක් විදිහට මගේ අරමුණ කවදාහරි අගමැති කෙනෙක් වෙන එක. මට අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍ය වඩාත් ආරක්ෂිත සහ ශක්තිමත් රටක් බවට පත් කිරීමටයි. මගේ පළමු රාජකාරිය ඊලිං සවුත්හෝල්හි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි” පනේසාර් පැවසීය.
පනේසාර් උපත ලැබුවේ ඉන්දියානු සම්භවයක් ඇති මවුපියන්ට දාව ලූටන්හිය. ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 50කදී කඩුලු 167ක් බිඳ හෙළීය. ඔහු එක්දින තරග 26කදී කඩුලු 24ක් සහ විස්සයි20 තරගයකදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. 42 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළේ 2013 වසරේදීය.
ප්‍රින්ස් ගුණසේකර