Home » දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

ඊශ්‍රායල් රැකියා අවස්ථාත් ලබාගැනීමේ අවස්ථාවක්

by yasara
May 3, 2024 3:39 pm 0 comment

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (03) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්‍රමික හරසර වැඩසටහන උදෑසන ආරම්භ විය.

විදේශ රැකියා අවස්ථාවන් අපේක්ෂිත සියලු දෙනාටම තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගැනීම සිහාා විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට ආසන්න සංඛ්‍යාවක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමග මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ තිබේ. මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කරගනී

මේ අතර මිනිස් වෙළදාම වැලැක්වීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අද ක්‍රියාත්මක කර තිබේ. මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ බිම් මට්ටමින් රාජකාරී කටයුතු සිදුකරන රාජ්‍ය නිලධාරීන් මෙහිදී දැනුවත් කෙරේ.

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට වෘත්තීය ගරුත්වය සහ සාරවත්භාවය ලබාදෙන ගරු සරු වැඩසටහන අද සවස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපති අරමුදලේ සහාය ඇතිව විදේශ රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමේ අවස්ථාවන් ලබාදෙන, තරුණයින්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක ස්මාර්ට් යූත් වැඩසටහන හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශ්‍රම වාසනා අරමුදලේ සහාය ඇතිව පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන හෙට සවස ක්‍රියාත්මක කෙරෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT