Saturday, May 10, 2025
Home » ආරබි හිරේ ඉන්න ලාංකිකයින් පිරිසකට රාජකීය සමාව

ආරබි හිරේ ඉන්න ලාංකිකයින් පිරිසකට රාජකීය සමාව

by chanaka
May 3, 2024 9:15 pm 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

එලෙස ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමසාන් සමය හේතුවෙන්ෙ බව අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

මෙම සමාව ලැබී ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇති බව සඳහන්ය. ඒ සම්බන්ධව අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT