Thursday, May 15, 2025
Home » (IFRS 17) අනුගත පළමු දේශීය සාමාන්‍ය රක්ෂණ සමාගම HNB General Insurance

(IFRS 17) අනුගත පළමු දේශීය සාමාන්‍ය රක්ෂණ සමාගම HNB General Insurance

by mahesh
May 3, 2024 1:00 am 0 comment

HNB General Insurance සමාගමේ ප්‍රධාන ජීවගණක නිලධාරී නලින් සුබසිංහ

ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන HNB General Insurance (HNB ජෙනරල් ඉන්ෂුරන්ස්) සමාගම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය 17 (International Financial Reporting Standard – IFRS 17) ට අනුගතව සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් ඉදිරියට තැබූ අතර HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම ඒ සඳහා කීර්තිමත් WTW ආයතනයේ උපදේශකත්වය යටතේ WTW හි ResQ Financial Reporter (FR) පද්ධතිය යොදා ගැනීමට කටයුතු යොදා ඇත. HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම WTW ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ResQFR පද්ධතිය යොදා ගන්නා ශ්‍රී ලංකාවේ පළමු දේශීය රක්ෂණ සමාගම වීම විශේෂත්වයකි.

IFRS17 සම්මුතිය මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙනසකට මුලපිරූ සම්මුතියක් වශයෙන් හැඳින්විය හැකිය. HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ප්‍රධාන ජීවගණක නිලධාරී (Chief Actuarial Officer) නලින් සුබසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ResQFR පද්ධතිය ස්ථාපනය කිරීම HNB ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගමේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තැබූ දැවැන්ත පියවරක් වශයෙන් හැඳින්විය හැකියි. මේ සම්බන්ධයෙන් අපි ඉක්මනින් සහ ක්‍රියාකාරීව කටයුතු කිරීම තුළින් IFRS17 සම්මුතියට අනුගත වීම සඳහා අපේ ඇති කැපවීම පෙන්වා දෙන අතරම ResQFR නිසා අපට අලුත් නියාමන යන්ත්‍රණයේ සංකීර්ණ අවශ්‍යතාවයන් සාර්ථකව කළමනාකරණය කරමින් අපේ මෙහෙයුම්වල විනිවිද බව සහ කාර්යක්ෂමතාවය උපරිම මට්ටමක පවත්වා ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT