රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයන සමාගම් අගයනු වස්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමුවරට සංවිධානය කරන ලද ආයෝජන මණ්ඩල සම්මාන උලෙළ පසුගිය අප්‍රේල් 02 වැනිදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එහි දී වෙළෙඳ භාණ්ඩ කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනාගැනීමට Omega Line සමාගමට හැකිවිය.
Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා සහ Omega Line – Vavuniya Apparels හි තත්ත්ව පාලන අධ්‍යක්ෂිකා සහ සාමාන්‍යාධිකාරිනී පැවලො ෆාවා මෙෙනවිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් එම සම්මානය ලබාගත්හ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිරිනැමූ මෙම සම්මානය, Omega Line සමාගම මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වශයෙන් ලද වටිනා ඇගයීමක් ලෙස හැඳින්විය හැකිය.
ගෙවුණු 45 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඒ ඒ සමාගම් ලබාදුන් දායකත්වය, සම්මාන පිරිනැමීමේ දී සැලකිල්ලට ගත් විශේෂ නිර්ණායකයක් විය. එහි දී එම සමාගම් හරහා රටට ජනනය වූ ඍජු විදෙස් ආයෝජන ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී තිබුණි.
තව ද ඍජු විදෙස් ආයෝජන ජනනය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් වූ ආයෝජන මණ්ඩල එකඟතාවය අනුව යමින්, ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය හරහා Omega Line ලබාදුන් දායකත්වය එමඟින් ඇගයීමට ලක්විය.