ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධානය කරන ‘නින්ද නේන රාත්‍රිය’ ප්‍රසංගය හෙට(04) සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට වාද්‍ය ශිල්පීන් 25දෙනකුගේ වාද්‍යයට ජනප්‍රිය තරු රැසක් එදින ගීතවත් වේ. උරේෂා රවිහාරි, අමිලා නදීෂාණි, සුරේන්ද්‍ර පෙරේරා, මාරියෝ ආනන්ද, තනුර මධුගීත්, උද්දික ප්‍රේමරත්න සමඟ බිමල් ජයකොඩි, සුනෙත් උදේරත්න ආදීහු එදින ගීත ගායනා කරති. චන්දන වික්‍රමසිංහ රංගායතනයේ නර්තන ශිල්පීන්ගෙන් වේදිකාව වර්ණවත් වන අතර ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථින් වන වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන්. කාසීම්, සචිනි නිපුන්සලා ප්‍රසංගයට කථනයෙන් සහභාගි වෙති.
“නින්ද නේන රාත්‍රිය” පිළිබඳ එහි සභාපති ලෙස කටයුතු කරන රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා දිනමිණට පැවැසුවේ. ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලොවට දායාද කළ කීර්තිමත් ආදී විද්‍යාර්ථයෙන් ඇගයීමට ලක් කරන ප්‍රදීපප්‍රණාම සම්මාන උලෙළ සංවිධානය කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට පවත්වනු ලබන මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ආදි විද්‍යාර්ථින් සියලු දෙනාටම ආරාධනා කරන බවයි. එයින් ලැබෙන මුදලින් ජ’පුර විශ්වවිද්‍යාලයේ හා අනුබද්ධ ආයතනවල ප්‍රථම හා පශ්චාද් උපාධි ලැබූ විද්‍යාර්ථින් පනස් දෙනකු පමණ ඇගැයීමට ලක් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.