Saturday, May 10, 2025
Home » ප්‍රසිද්ධ TikTok තාරකාවක් ජිවන ගමනින් සමු ගනියි

ප්‍රසිද්ධ TikTok තාරකාවක් ජිවන ගමනින් සමු ගනියි

by chanaka
May 3, 2024 9:29 pm 0 comment

ප්‍රසිද්ධ ටික්ටොක් තාරකාවක් වන Maddy Baloy මාරාන්තික පිළිකාවක් වැළඳීම හේතුවෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති බව සඳහන් වේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇය 26 වැනි වියෙහි පසු විය.

කෙසේ වෙතත්, 2022 අවූරුද්දේ උදරාබාධයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී දැන ගන්නට ලැබී ඇත්තේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවයි.

ඇගේ පෙම්වතා වන ලුවී රිෂර්, මැයි 02 බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් බලෝයිගේ අභාවය තහවුරු කළේය. “Maddy ඊයේ රාත්‍රියේ සාමකාමීව අභාවප්‍රාප්ත විය“ යනුවෙන් ඔහු කියා සිට ඇත. “ඇය හරිම විශේෂයි,” ඔහු පැවසීය. “ඇත්තටම මට ඊයේ 27 පිරුණා. මම දවස පුරාම ඇගේ අත අල්ලාගෙන සිටියෙමි, මට අවශ්‍ය වූයේ එපමණයි. ” යනුවෙන් ද ඔහු සංවේදී ලෙස සදහන් කර තිබුණි.

Maddy Baloy ටික් ටොක් වේදිකාවේ සිය අනුගාමිකයින් 450,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන සිටි තාරකාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT