රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය 2 වනදා දහවල් ඇගේ නීතිඥයන් සමඟ පැමිණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණ පසුගිය දිනවල ඇයව පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිඥ ආෂා කහවත්ත මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ දමිතා අබේරත්න අත්අඩංගුවට ගත් පනත පිළිබඳ කරුණු පැහැදිලි කළාය.
ආගමික නිගාමික පනතේ 45/ ඈ/1/අ වගන්තිය යටතේ විදේශගත කිරීමක් සංවිධානය කළ බවට දමිතා අබේරත්න මහත්මියට චෝදනා ගොනුකරමින් තමයි ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තියෙන්නේ. එම පනත ප්‍රකාරව යම්කිසි පිරිසක් විදේශගත කිරීමට සංවිධානය කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. නමුත් එවැනි කිසිදු සාක්ෂියක් නොමැතිව අනීතිකව දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මානව හිමිකම් කොමිසමට අද අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා යැයි පැවසීය.
නීතිඥ ප්‍රෙවීන් ප්‍රේමතිලක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර දමිතා අබේරත්න මහත්මිය පුරා දින 21ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලයේ තමා ලද අත්දැකීම් මාධ්‍ය හමුවේ පැවසීය. තමාට පමණක් නොව අරගලයට එක්වූ බහුතරයක් පිරිසට මේ වන විට පන්න පන්නා පහර දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වූ ආර්ථික ඝාතකයන්ට එරෙහිව අරගල කිරීම කිසිසේත් නතර නොකරන බවත් පැවසීය.