පිළියන්දල පොලිස් වසමේ නවතා තිබූ වාහනවලින් බැටරි සොරාගත් පොලිස් සේවයෙන් ඉවත්වූ කොස්තාපල් රියදුරෙකු හොරයින් මත්කුඩු සමඟ පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5120ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ හයකට අධික වටිනා බැටරි 7ක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා පිළියන්දල නගරය අවට නවතා තිබූ ලොරි සහ කැබ් රථවල බැටරි හොර රහසේ ගලවා ත්‍රිරෝද රථවලින් කොහුවලට රැගෙන ගොස් ඉතා අඩු මුදලට විකුණා හෙරොයින් මත්කුඩු පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුව පෙබරවාරි මාසයේ සිට මේ දක්වා සොරකම් පහකට ආසන්න සංඛ්‍යාවක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.
වසර දහයක කාලයක් පොලිස් සේවයේ රියැදුරෙකු ලෙස කටයුතු කර තිබූ සැකකරු 2018 වසරේදී පොලිස් සේවයෙන් ඉවත් වීමෙන් අනතුරුව මත්කුඩු පානයට ඇබ්බැහිව ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සැකකරුගේ මඟ පෙන්වීම මත සොරාගෙන තිබූ බැටරි පොලිසිය මඟින් සොයාගෙන ඇත.
35 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා සහකාර පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, පොලිස් කොස්තාපල්වරුන් වන නෙතල් තුෂාන්ත මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.