252
ඩුබායිහි පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී 20න් පහළ කාන්තා තුන්පිම්ම රිදී පදක්කමක් හිමිකරගත් නෙත්මිකා මධුශානී හේරත්ට උපහාර පිදීමේ උත්සවයක් ඉකුත්දා (30) නන්නපුරාව මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ඇය මේ තරගාවලියේදී තුන්පිම්ම තරගයෙන් මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමි කර ගත්තාය. ඇගේ පුහුණුකරු එරන්ද විජේවර්ධන, ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන එම්.ජී.කේ. කුමාර, ඩී.එම්. අයි. සංජීවනී යන මහත්ම මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.