අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිය සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එම සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී හොරයින් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10,500ක් පොලිස් භාරයට ගෙන ඇත. දෙහිවල පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද බුද්ධි තොරතුරක් මත දෙහිවල පොලිස් වසමේ මල්වත්ත පාර, දෙහිවල ලිපිනයේ රැඳී සිටි නිවස දෙහිවල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. ප්‍රබෝධ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙනෙකු සිට ඇතැයි පොලිසිය කියයි.
එයින් එක සැකකාරියක් හිටපු පාතාල සාමාජිකයෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක යන අපරාධකරුගේ අනියම් බිරිය වන තල්ගස්හේන ප්‍රදේශයේ පදිංචි නිලංකා නමැති 6 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගත් බවත් සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,300ක් සොයාගත් බවත් පොලිසිය කියයි.
එහි සිටි අනෙක් සැකකාරිය අනුරාධපුර, ගල්පිටිය, හබරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පොලිස් සේවයෙන් ඉවත් කර ඇති හිටපු කාන්තා කොස්තාපල්වරියක් වන අතර එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 5,200ක් සොයාගත් බවත් පොලිසිය ප්‍රකාශ කළේය. එම සැකකාරිය කැලණිය සහකාර පොලිස් අධිකාරි දිස්ත්‍රික් සහ කාර්යාලයේ සේවය කරමින් සිටියදී 2022 නොවැම්බර් දෙවෙනි දින සිට තනතුර අතහැර යාමේ නිවේදන නිකුත් කර සිටි තැනැත්තියක් බව පොලිසිය කියයි. කොස්ගොඩ තාරක යන අපරාධකරුගේ අනියම් බිරිය මීට පෙරද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාරියක් බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මෙවුන් දෙදෙනාම දැඩිලෙස අයිස් මත්ද්‍රව්‍ය වෙත ආබ්බැහි වී ඇති බවත්, පොලිසියෙන් ඉවත් කර ඇති හිටපු පොලිස් කොස්තාපලවරියද අයිස් මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වීම හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කිරීමට හේතු වී ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් දෙදෙනා අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු පවත්වන බව දෙහිවල පොලිසිය පවසයි.