Saturday, May 10, 2025
Home » සිඟි­ත්ති­යට පහර දෙමින් මුහු­ණු­පොතේ වීඩියෝ දැමූ තාත්තා රිමාන්ඩ්

සිඟි­ත්ති­යට පහර දෙමින් මුහු­ණු­පොතේ වීඩියෝ දැමූ තාත්තා රිමාන්ඩ්

by damith
May 4, 2024 12:35 am 0 comment

බළ­න්ගොඩ විශේෂ - සම්පත් ප්‍රිය­න­න්දන

බිරිය විදේ­ශ­ගත වූ පසු තම හතර හැවි­රිදි දිය­ණි­යට අමා­නු­ෂික ලෙස පහර දී එය වීඩි­යෝ­ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා­හැරි බළ­න්ගොඩ පෙට්ටි­ගල ප්‍රදේ­ශයේ පදිංචි 27 හැවි­රිදි පියකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස බළ­න්ගොඩ මහේ­ස්ත්‍රාත් හේෂානි රොද්‍රිගෝ මහ­ත්මිය ඊයේ (03) නියෝග කළාය.

බළ­න්ගොඩ පෙට්ටි­ගල ප්‍රදේ­ශයේ පදිංචි ලෝග­ර­ත්නන් ප්‍රසාද් නමැති පියකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි.

මොහුගේ බිරිය මීට මාස නව­ය­කට පෙර විදේ­ශ­ග­තව ඇති අතර එම දැරිය රැක­බලා ගැනීම පියා සහ පියාගේ මවු­පි­යන් වෙත භාර දී තිබුණි.

ඇය විදේ­ශ­ග­තව මාස නව­යක් ගත වූ පසු මොහු විසින් මෙලෙස මෙම දැරි­යට පහර දී තිබෙන අතර දැරිය මේ වන මිට බළ­න්ගොඩ මූලික රෝහ­ලට ඇතු­ළත් කර ප්‍රති­කාර කෙරේ. බළ­න්ගොඩ පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක දමිත් ජය­කොඩි මහ­තාගේ උප­දෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානා­ධි­ප­තිනි ශාලිකා රාජ­පක්ෂ, නුවන් දර්ශන යන නිල­ධා­රීහු වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT