201
මාතෘ භූමිය නැවත නඟාසිටුවීමේ අරමුණෙන් තිරසර ලංකා ජාතික ව්‍යාපාරය මඟින් සංවිධාන කරන සම්මන්ත්‍රණය මේ මස 8 වැනිදා පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
බලයට පත්වූ පසු ජනතාවට දුන් ප්‍රතිපත්තිමය එකඟතා නොසලකා තම පුද්ගල පටු පරමාර්ථ මත කටයුතු කිරීමට නොහැකි වන සේ ජාතික ව්‍යාපාරයට පමණක් වගකියන වැඩපිළිවෙළක් සකස් කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථය වෙයි. මේ අවස්ථාවේ දී විවිධ බෞද්ධ සංවිධාන, ආගමික සංවිධාන, සිවිල් සංවිධාන සහ සම්පත්දායකයන් සමඟ කතිකා කර සැකසූ ප්‍රායෝගික අනාගත ප්‍රතිපත්ති ලේඛනය ජනගත කිරීම ද සිදු කිරීමට නියමිතය.