Sunday, May 11, 2025
Home » වසර 45ක් පුරා දරු­වන්ට පාර කියූ අත්ත­ම්මාට චිරං ජයතු

වසර 45ක් පුරා දරු­වන්ට පාර කියූ අත්ත­ම්මාට චිරං ජයතු

ඇයගේ 86 වැනි උප­න්දි­නය යෙදී තිබූ ඊයේ දිනයේ හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ල­යෙන් උප­හාර උත්ස­ව­යක්

by damith
May 6, 2024 1:03 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්
ලිලී වය­ලට් මහ­ත්මිය පෙර­හ­රෙන් කැඳ­වා­ගෙන යන අයුරු.

කෑගල්ල හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ලය අසල පිහිටි පදික මාරුවේ සිට පුරා වසර 45ක් පුරා ස්වේච්ඡා­වෙන් දරු­වන් හසු­රු­වන ‘පාර කියන අත්තම්මා’ නොහොත් ලිලී වය­ලට් මහ­ත්මි­යගේ 86 වැනි උපන් දිනය යෙදී තිබුණු ඊයේ (05) දිනයේ ඇය පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ල­යේදී පැවැ­ත්විණි.

උපන් දින කේක් ගෙඩිය කපන ලිලී වය­ලට් මහ­ත්මිය

උපන් දින කේක් ගෙඩිය කපන ලිලී වය­ලට් මහ­ත්මිය

කෑගල්ල, පර­ග­ම්මන උඩ පාරේ පිහිටි නිවෙ­සේදී 1938 මැයි මස 05 වැනිදා උපත ලබා ඇති ලිලී වය­ලට් මහ­ත්මිය 1971දී කළු­තර ප්‍රදේ­ශයේ තරුණ රියැ­දුරු මහ­තකු සමඟ විවාහ වී ඔහුගේ නිවෙසේ පදිං­චි­යට ගියාය. පසුව මේ නව යුව­ළට 1974 දී එස්. කේ. මංග­ලිකා නමින් දිය­ණි­යක් උපත ලැබු­වාය. දිය­ණි­යට මාස හයක් යන්නට පෙර ලිලී මහ­ත්මි­යගේ සැමියා හදිසි රිය අන­තු­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ. පසුව ලිලී මහ­ත්මිය සැමි­යාගේ නිවෙසේ මාස හයක් පමණ සිට අවු­රු­ද්දක් පමණ වූ දිය­ණිය රැගෙන යළි කෑගල්ලේ, පර­ග­ම්මන මවු­පි­යන් පදිං­චිව සිටින නිවෙ­සට පැමි­ණි­යාය.

ප්‍රදේ­ශයේ නිවා­ස­වල කුලී වැඩට ගොස් උපයා ගන්නා සොච්චම් මුද­ලින් දිය­ණිය ලොකු මහත් කර ගත් ලිලී මහ­ත්මිය ඇය කෑගල්ල බුල­ත්කො­හු­පි­ටිය මාර්ගයේ පිහිටි හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ල­යට ඇතු­ළත් කළාය. නිවෙසේ සිට පා ගම­නින් දිය­ණිය රැගෙන උදේ 6.30ට පාස­ලට ගිය ලිලී මහ­ත්මිය දිය­ණිය පාස­ලට ඇර­ලවා සෙසු දරු­වන් පාසල ආස­න්නයේ පිහිටි පදික මාරුවේ දුව පැන යන එන අයුරු දැක එදා සිට මේ දක්වා ඇය සිය ස්වේච්ඡා­වෙන්ම දරු­වන් හැසි­රීම සිදු කරයි. දරු­වන් රැගෙන යෑමට මවු­පි­යන් විද්‍යා­ලය ආස­න්න­යට නොපැ­මි­ණි­යොත් දරු­වන් ඔවුන්ගේ නිවෙ­ස්ව­ලට රැගෙන ගොස් භාර දීම ද ඇයගේ සුවි­ශේෂී ලක්ෂ­ණ­යකි.

ලිලී මහ­ත්මිය කරන අති­සු­වි­ශේෂි කාර්ය­භා­රය අගය අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පහ ශ්‍රේණියේ සිංහල පෙළ පොතට ‘පාර කියන අත්තම්මා’ නමින් පාඩ­මක් ද වසර පහක පමණ කාල­යක සිට ඇතු­ළත් කර තිබේ.

ලිලී වය­ලට් මහ­ත්මිය

ලිලී වය­ලට් මහ­ත්මිය

ඇයගේ 86 වැනි උපන් දිනය යෙදී තිබුණු ඊයේ (05) දින වසර 45ක ස්වේච්ඡා සේවය අගයා පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් ආදි ශිෂ්‍ය­යන් වර්ත­මාන දරු­වන්ගේ මවු­පි­යන් සහ බස් හිමි­යන් විසින් බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ල­යේදී සංවි­ධාන කර තිබුණි. හෙට්ටි­මුල්ල බණ්ඩා­ර­නා­යක ජාතික පාසල ආස­න්නයේ සිට කනිෂ්ඨ විද්‍යා­ලය දක්වා තූර්ය වාදක කණ්ඩා­යම් උඩ­රට වෙස් නර්තන කණ්ඩා­යම් පෙරටු කර­ගෙන ඇය ඇතුළු ආරා­ධිත අමු­ත්තන් පිරිස කැඳ­වා­ගෙන ගියාය.

පසුව පිළි­ගැ­නීමේ උත්ස­ව­යට කෑගල්ල කොට්ඨාස අධ්‍යා­පන අධ්‍ය­ක්ෂිකා රාජිකා වික්‍ර­ම­සිංහ, කෑගල්ල බණ්ඩා­ර­නා­යක ජාතික පාසලේ විදු­හ­ල්පති සුරං­ජිත් ගනේ­ගෙ­දර, බණ්ඩා­ර­නා­යක කනිෂ්ඨ විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි හේමන්තා කල්‍යාණී රූපස් ශ්‍රී, හිටපු විදු­හ­ල්පති ලක්ෂ්මන් විජේ­රත්න ඇතුළු ආදි ශිෂ්‍යයෝ ද, ප්‍රදේ­ශයේ විශාල පිරි­සක් ද එක්ව සිටි­යහ.

උත්ස­වයේ පිළි­ගැ­නීමේ කතාව හේමන්තා කල්‍යාණී රූපස් ශ්‍රී මහ­ත්මිය විසින් සිදු කළාය.

පසුව ලිලී මහ­ත්මි­යගේ 86 වැනි ජන්ම දිනය නිමි­ත්තෙන් සංවි­ධා­යක මණ්ඩ­ලය සකස් කර තිබූ උපන් දින කේක් ගෙඩිය කපා ආරා­ධිත අමු­ත්තන්ට, ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට, සිය දිය­ණිය වන මංග­ලි­කාට සහ මිනි­බි­රි­යට හැඬූ කඳු­ළින් කවන අයුරු දක්නට ලැබුණි. පසුව විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි හේමන්තා කල්‍යාණි මහ­ත්මිය ඇතුළු ආරා­ධිත අමු­ත්තන් සමරු තිළි­ණ­යක් සහ රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් ලිලී වය­ලට් මහ­ත්මි­යට පරි­ත්‍යාග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT