250
සාමාජික රටවල් සමඟ උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සාමාජික රටවල් බහුවිධ අභියෝගයන්ට සූදානම් කරවීමට බෙහෙවින් උපකාර වන බවයි.
එම දැනුම, සාමාජික රටවල අභියෝග අවම කිරීමට සේම සමබර පරිසරය හා තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති පාලක මණ්ඩලය සඳහා වූ සැසියේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.