Home » ඩිජිටල් ආයෝජන ප්‍රවර්ධනය සඳහා සමුළුවක් ඉදිරි මාසයේදී පවත්වනවා

ඩිජිටල් ආයෝජන ප්‍රවර්ධනය සඳහා සමුළුවක් ඉදිරි මාසයේදී පවත්වනවා

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ඩිජිටල් ආයෝජන ප්‍රවර්ධනය සඳහා සමුළුවක් ඉදිරි මාසයේදී රට තුළ පැවැත්වීම සිදු කරන බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

ආයෝජකයන්ට රටට පැමිණීමටත් වැදගත් පනත් සංශෝධනයක් ලෙස මේ සංශෝධනය හඳුන්වන්න පුළුවන්. හැමෝටම ලස්සන සැලසුම් තිබෙන්න පුළුවන්. නමුත් ඒ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකි වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. තොරතුරු තාක්ෂණ විෂය ඇමැතිවරයා ලෙස ද එතුමා මේ අංශය ශක්තිමත් කරන්න පියවර ගෙන තිබෙනවා. තාක්ෂණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සංගම්වලින් කළ ඉල්ලීම්වලට අනුව මේ පනත් සංශෝධනය සිදු කරනවා. අයි.ටී. වී.පී.ඕ. කර්මාන්ත ක්ෂේත්‍රය රටට විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. බිලියන 2.1ක් විනිමය ගෙනැවිත් තිබෙනවා. රැකියා අවස්ථා 150,000 සිට 175,000ක් දක්වා මේ ක්ෂේත්‍රයෙන් ලබා දී තිබෙනවා. රැකියා විරහිත තරුණ තරුණියන් ගැන අපි කතා කරනවා. සෑම වර්ෂයකදීම අලුතින් රැකියා 20,000ක් පමණ බී.පී.එම්. ක්ෂේත්‍රයෙන් බිහි කර ගත හැකියි. එම 20,000න් 10,000ක් පමණයි අපට සපුරාලීමට හැකි වී තිබෙන්නේ. රැකියා රික්තකයක් තිබෙන ක්ෂේත්‍රයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රුපියල් මිලියන 750ක් මේ ක්ෂේත්‍රයට අය වැයෙන් වෙන් කළා. තාක්ෂණ නොවන උපාධිධාරීන් තමයි රැකියා විරහිතව සිටින්නේ.

මෙරට ජනගහනයෙන් සියයට 51ක් කාන්තාවන්. ඉන් සියයට 38ක් පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි කර ගෙන තිබෙනවා. රජයේ රැකියා අවස්ථාව ඊට වඩා කාන්තාවන් හිමි කර ගෙන තිබෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය සියයට 34ක් වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT