165
බොරලැස්ගමුව, අබේරත්න මාවත තරුණ කැල විසින් දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ Òමීර්ගෝ සිරිවර්ධනÓ අනුස්මරණ විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා බොරලැස්ගමුව මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවති අතර එහිදී කණ්ඩායම් 15ක් අබිබවා ප්‍රධාන ශූරතාව හෝමාගම එක්සත් කණ්ඩායම මඟින් දිනාගනු ලැබිණි. අනුශූරතාව මඩපාත කණ්ඩායමට හිමි විය.
මෙම තරගාවලියේ පූර්ණ දායකත්වය දේශබන්දු ප්‍රියන් සිරිවර්ධන මහතා විසින් දරනු ලැබූ අතර, ඒ මහතා ශූරතාව හිමි කරගත් හෝමාගම එක්සත් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.