Home » අනධ්‍යයන සේවක වර්ජනය තිබුණත් සරසවිවල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට -මහාචාර්ය සම්පත් අමරතුංග

අනධ්‍යයන සේවක වර්ජනය තිබුණත් සරසවිවල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට -මහාචාර්ය සම්පත් අමරතුංග

by sachintha
May 14, 2024 1:03 am 0 comment

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ දිනයන්හි වැඩ වර්ජනයක නිරත වුවද ආචාර්ය මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා “දිනමිණ” කළ විමසීමේ දී ඊයේ (13) පැවැසීය. කොවිඩ් කාලය පුරාවටම විශ්වවිද්‍යාල පද්ධතිය වසා තැබීම සිදු කළ ද, අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු සාර්ථකව සිදු කළ බවත්, දරුවන්ගේ ඉගැන්වීම් කටයුතුවලදී අන්තර්ජාලය ඔස්සේ සියයට 25ක්වත් සිදු කළ යුතු බවට චක්‍රලේඛයන් පවා නිකුත් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආසියානු රටවල අන්තර්ජාලය ඔස්සේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකදී හෙළිව ඇත්තේ අන්තර්ජාල ඉගැන්වීම් අතර ඉහළින්ම සිටිනුයේ ශ්‍රී ලංකාව යැයි ද, ඉල්ලීම් ලබා ගැනීම සිදු කළ යුතු අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට නොදැමිය යුතු යැයි ද ඒ මහතා පැවසුවේය. විශ්වවිද්‍යාල සඳහා පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීම මේ දිනවල සිදු කරන අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් ඊට බාධා මතුව ඇතැයි ද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කිරීමෙන් අනතුරුව ඉන් මාස දෙකකට පසුව විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර දරුවන් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගැනීමට සිදු වන්නේ යැයි ද හෙතෙම පැවැසීය.

අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් කටයුතු උපකුලපතිවරුන්ගේ උපදෙස් පරිදි අදාළ විශ්වවිද්‍යාලයන්හි සිදු කරන බව ද ඒ මහතා පැවසුවේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT