Home » විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 111ක්

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 111ක්

by sachintha
May 14, 2024 1:19 am 0 comment

වසර 2022දී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 111කට වැඩි මුදල් ප්‍රමාණයක් ඉන්දියාවට ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ ශ්‍රමිකයන්ගේ ඒජන්සි වාර්තාවක සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ලොව ඕනෑම රටක විදෙශ් ශ්‍රමිකයන්ගේ වැඩිම මුදල් ප්‍රේෂණය ලෙස එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ශ්‍රමිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ලෝක ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වාර්තාවට අනුව වසර 2022දී ලොව වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වාර්තාවේ රටවල් 5ක් ඉදිරියෙන් සිටී. ඉන්දියාව එහි පෙරමුණේ පසුවන අතර, මෙක්සිකෝව, චීනය, පිලිපීනය සහ ප්‍රංශය සෙසු රටවල් බව එහි සඳහන් වේ. එම ලැයිස්තුවට අනුව දකුණු ආසියාතික රටවල් ලෙස ඉන්දියාවට පසුපසින් පාකිස්තානය සහ බංග්ලාදේශය එම කලාපයේ වැඩිම විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම පාකිස්තානය සහ බංග්ලාදේශය ලොව ඉහළම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැයිස්තුවේ පළමු රටවල් 10 අතර සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT