පාකිස්තානයේ සෞඛ්‍ය සේවය දැඩි අභියෝගයකට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අත්‍යවශ්‍ය ඖෂධ ඉහළ මිලකට අලෙවි කිරීම, ඖෂධ හිඟය, ව්‍යාජ වෛද්‍යවරු සහ ගුණාත්මක ඖෂධ හිඟය හේතුවෙන් පාකිස්තානයේ සෞඛ්‍ය සේවය අවදානම් තත්ත්වයක පවතින බවත්, ලෝක සෞඛ්‍ය සේවා සහ ගුණාත්මක දර්ශකයට අනුව පාකිස්තානය මේ වන විට 154 වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ අතුරින් වරින් වර ඉස්මතු වන ව්‍යාජ වෛද්‍යවරුන්ගේ සිදුවීම බරපතළ මුහුණුවරක් ගෙන ඇතැයිද වාර්තා වේ. පන්ජාබ් ප්‍රාන්තයේ පමණක් සුදුසුකම් නොලැබූ එවැනි ව්‍යාජ වෛද්‍යවරු 90,000ක් පමණ සිටින බවට වාර්තා පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට වසර තුනකට පෙර ලාහෝර් නුවර රෝහලකදී වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ආරක්ෂක නිලධාරියකු විසින් 80 හැවිරිදි කාන්තාවකට සැත්කමක් සිදු කිරීමෙන් පසු එම කාන්තාව ජීවිතක්ෂයට පත්වූ බවද, එවැනි ව්‍යාජ වෛද්‍යවරුන්ගේ අර්බුදය පාකිස්තානය පුරා ව්‍යාප්තව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.