Home » රට පුරා වෙසක් සැමරීමට සියලු කටයුතු සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි

රට පුරා වෙසක් සැමරීමට සියලු කටයුතු සූදානම් – ඇල්ලේ ගුණවංශ හිමි

by sachintha
May 14, 2024 1:20 am 0 comment

වෙසක් උත්සවය කොළඹ නගරයේ මෙන්ම මුළු රට පුරා උත්කර්ෂවත් ලෙස සැමරීමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි කොළඹ ධර්ම ආයතනයේ අධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද කීහ.

“පසුගිය කාලයේදී වෙසක් උත්සවය සැමරීමට විවිධ හේතු නිසා බාධා ඇතිව තිබුණා. නමුත් මෙවර වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට සූදානම්ව සිටිනවා. එහි එක් මූලික අංගයක් ලෙස ත්‍රිරෝද රථ දස දහසක බෞද්ධ ධජ ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා.

වෙසක් කලාප සංකල්පයට මම විරුද්ධයි. මුළු රටම එක්ව බෞද්ධයන්ගේ ප්‍රමුඛ උත්සවය වන වෙසක් උත්සවය සැමරීමට කටයුතු කළ යුතුයි. වෙසක් සැරසිලි මුදලට රැගෙන සිය නිවෙස් සැරසීම වෙනුවට පවුලේ පිරිස එකමුතුව පහන්කූඩු සහ වෙසක් සැරසිලි නිර්මාණය කර ගැනීමෙන් පවුලේ එකමුතුව සහ සහජීවනය ගොඩනැඟෙනවා.

කොළඹ නගරයේ සහ මුළු රටේම වෙසක් උත්සවය සැමරීම පිළිබඳව අවශ්‍ය මැදහත්වීම් සහ මඟපෙන්වීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිසාපති කාර්යාල ඔස්සේ සිදු කරනවා.”

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT