Friday, May 16, 2025
Home » අම්මා සිහිනෙන් පැවසූ වළ හාරා ලබාගත් දේව ආභරණ නිවසක සඟවා තිබූ සැකකරු මාට්ටු

අම්මා සිහිනෙන් පැවසූ වළ හාරා ලබාගත් දේව ආභරණ නිවසක සඟවා තිබූ සැකකරු මාට්ටු

by sachintha
May 14, 2024 1:25 am 0 comment

කල්පිටිය තිහලිය ප්‍රදේශයේ නිධානයකින් ගොඩගත් රත්‍රන්වලට සමාන දේව ආභරණ තොගයක් සමඟ සැකකරුවෙක් පෙරේදා (12) පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම රත්‍රන්වලට සමාන දේව ආභරණ තොගය කල්පිටිය ආලංකුඩාව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගැනුණ ආලංකුඩාව ප්‍රදේශයේ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර ඇත්තේ මෙම දේව ආභරණ තම මියගිය මව විසින් ඇයට අයත් තිහලිය ප්‍රදේශයේ ඇති බවත් අදාළ ස්ථානය කැණීම් කර එම දේ ලබාගැනීම කර ගැනීමට සිහිනයෙන් පවසා ඇති බවයි. තම මව සිහිනයෙන් පැවසූ දෙය සත්‍යක් ද යන්න සොයා බැලීමට අදාළ ඉඩමේ මව සිහිනෙන් පැවසූ ස්ථානය අඩි හතරක් පමණ කැණීම් කිරීමෙන් පසු හමුවූ බවත් එම දෑ නිවසේ තබා තිබූ බවද මෙම සැකකරු පාපොච්චාරණය කර තිබේ.

අදාළ දෑ අතර කුඩා කඩුවක්, දේව රූප සමඟ ඉබ්බකුට සමාන දෑ තිබූ බවත් පවසයි. අදාළ දෑ රත්‍රන්වලට සමාන බවත් ඒවා සැබවින්ම රත්‍රන් දැයි සොයා බැලීමට කටයුතු කරන බවත් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීහු පවසති.

අදාළ වැටලීම කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් විසින් ලබා දුන් බුද්ධි තොරතුක් මත පොලිසිය සමඟ ඒකාබද්ධව කර ඇත.

අත්අඩංගුවට ගැනුණ දෑ සමඟ සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT