Home » ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ඇමැති අතර හමුවක්

by sachintha
May 14, 2024 1:20 am 0 comment

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (13) සිදු විය.

එළැඹෙන ජූනි මස පළමු වැනිදා සිට ඉතාලිය සිය වීසා දීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා ඇමැති ටිරාන් අලස් මහතාට දැනුම් දෙන ලදී.

පොලිස් නිෂ්කාශන වාර්තා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳව ද තානාපතිවරයා සහ ඇමැතිවරයා අතර මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම පිළිබඳව තමන් අවධානයෙන් පසු වන බවත්, එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවත් තානාපතිවරයා ඇමැතිවරයා සමඟ පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT