Thursday, May 15, 2025
Home » ප්‍රවීණ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුන්නාන්සේ බලන්න ඇමැති විදුර ගිහින්

ප්‍රවීණ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුන්නාන්සේ බලන්න ඇමැති විදුර ගිහින්

by sachintha
May 14, 2024 1:21 am 0 comment

මෙරට උඩරට නර්තනයේ ගැඹුරු ශාස්ත්‍රීය අංග පිළිබඳ හසළ අවබෝධයක් ඇති, එමෙන්ම දක්ෂ සහ ප්‍රවීණ නර්තන ශිල්පියෙක් වන සතර කෝරළයේ නර්තන ශිල්පී ඩී.කේ. සෙල්ලා ගුරුතුමාගේ සුවදුක් විමසීමට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පසුගියදා කෑගල්ලේ පිහිටි ඔහුගේ නි‍ෙවසට ගියේය. පාරම්පරික දක්ෂ උඩැක්කි නර්තන ශිල්පියකු වන සෙල්ලා ගුරුතුමාගේ පරපුර අෂ්ට අවදානම් වැනි නෘත්‍ය ශිල්පීය දක්ෂතාවන්ට ප්‍රකටව සිටි සිංහල රජ පරම්පරාවන්ගෙන් ද ප්‍රසාද ලබා ගත් ඓතිහාසික පරපුරකින් පැවත එයි. උඩරට නර්තනය, පන්තේරු නැටුම්, කොහොඹා කංකාරි, උඩරට බෙර වාදනයට මෙන්ම කාව්‍ය රචනය කෙරෙහිද උපන් හපන්කම් ඇති මොහු නුතන කාලගෝල, දීඝායු කුමාරයා, මල්ලිකා වැනි නාට්‍ය රචනා කොට රඟ දක්වා ජන ප්‍රසාදය දිනා ගෙන තිබේ.

සෙල්ලා ගුරුතුමා මෙරට කලාවට ආවේණික වූ නර්තනාංගයන් හා සංස්කෘතිකාංග හඳුන්වා දෙමින් 1962 වසරේ සිට සිසු පරම්පරා පෝෂණය කිරීමට ද විශාල වශයෙන් කැප වී ඇත.

එමෙන්ම දේශීය නර්තන කලාවට අමිල මෙහෙයක් ඉටුකළ සෙල්ලා ගුරුතුමා 1986 දී කලා භූෂණ සම්මානය ද 1990 දී කලා ප්‍රසාදිනි සම්මානවලින් ද පිදුම් ලබා තිබේ.

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT