Home » සරුවට වැඩුණු ගංජා හේනක් හම්බෙගමුවෙන් අල්ලයි

සරුවට වැඩුණු ගංජා හේනක් හම්බෙගමුවෙන් අල්ලයි

by sachintha
May 14, 2024 1:00 am 0 comment

හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව අළුත්වැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අක්කර බාගයක පමණ භූමි ප්‍රමාණයක අඩි පහක් පමණ උසින් යුත් සරුවට වගාකර තිබු ගංජා ගස් 18350 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 12දා මෙම වැටලීම මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත හමබෙගමුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක වීරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.

සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හම්බෙගමුව පොලිසිය සිදු කරයි .

වැල්ලවාය විශේෂ ජී. අයි. ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT