Friday, May 16, 2025
Home » අඩි 15ක් දිග තල්මසෙක් මාතර දික්වැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

අඩි 15ක් දිග තල්මසෙක් මාතර දික්වැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

by sachintha
May 14, 2024 1:23 am 0 comment

මාතර, දික්වැල්ල, ගොඩඋඩ වෙරළ තීරයට ඊයේ (13) පස්වරුවේ විශාල තල්මසෙකු ගොඩගසා තිබුණු අතර වෙරළට ගොඩගසන අවස්ථාව වන විටත් තල්මසා මිය ගොස් සිටි බව මාතර දිස්ත්‍රික් වනජිවි දිස්ත්‍රික් නිලධාරි ඒ.ටී.ආර්.රවින්ද්‍ර මහතා පැවසීය.

අඩි 15 ක් පමණ දිග මෙම තල්මසාට කිසිදු හානියක් සිදුව නොතිබීම විශේෂත්වයකි.ඊයේ පස්වරුවේ උඩවලවේ වනජිවි ඒකකයේ වෛද්‍යවරු පැමිණ මිය ගිය තල්මසාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළහ.

ටී.කේ.මහින්ද -වැලිගම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT