Home » වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇතැම් මන්ත්‍රීවරු සභා ගැබේ නෑ

වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇතැම් මන්ත්‍රීවරු සභා ගැබේ නෑ

by sachintha
May 14, 2024 1:00 am 0 comment

මහජන පෙත්සම් සහ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසා තිබූ මන්ත්‍රීවරු බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවට ඊයේ (13දා) පැමිණ සිටියේ නැත. ඒවා විමසා තිබූ මන්ත්‍රීවරු බොහොමයක් පැමිණ නොසිටීම හේතුවෙන් ‘අද ඔක්කොම ගෙවල්වල නැවතිලා’ යැයි ද කථානායකවරයා සඳහන් කළේය. මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අශෝක් අබේසිංහ” නිපුණ රණවක” යන මහත්වරු කථානායකවරයා විසින් නම් කියවන විට සභාවේ නොසිටි අතර එවිට කථානායක එම මන්ත්‍රීවරු පැමිණ නැතැයි (ඇබ්සන්ට්) නිවේදනය කළේය.

ඉන්පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසා තිබූ ප්‍රේමනාත් සී දොලවත්ත” රාජිකා වික්‍රමසිංහ” මිලාන් ජයතිලක” යූ.කේ. සුමිත් උඩුකුඹුර” වාසුදේව නානායක්කාර” මයන්ත දිසානායක” ෂානක්කියන් රාසමාණික්කම්” වේලු කුමාර්” තුෂාර ඉඳුනිල් අමරසේන යන මන්ත්‍රීවරුද අදාළ අවස්ථාවේ සභාවේ නොසිටියහ. ඒ හේතුවෙන් ‘අද ඔක්කොම ගෙවල්වල නැවතිලා’ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු රැස්වීම් සාමාන්‍යයෙන් සෑම මසකම දෙවැනි සහ හතරවැනි සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සහ සිකුරුදා යන දිනයන්හි පැවැත්වෙන අතර මෙම මස හතරවැනි සතියේ රජයේ නිවාඩු දින දෙකක් යෙදී ඇති බැවින් මෙම සතියේ සඳුඳා සහ අඟහරුවාදා යන දින දෙක යොදා ගෙන තිබිණි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT