Home » තීරු­බදු නොගෙවා ගෙන්වූ කෝටි 5ක දුර­ක­තන 1081ක් පෙන් ඩ්‍රයිව් 200ක් ගුව­න්තො­ටේදී මාට්ටු

තීරු­බදු නොගෙවා ගෙන්වූ කෝටි 5ක දුර­ක­තන 1081ක් පෙන් ඩ්‍රයිව් 200ක් ගුව­න්තො­ටේදී මාට්ටු

by damith
May 14, 2024 1:13 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

තීරු­බදු නොගෙවා හොර රහසේ නීති විරෝධි ලෙස මෙර­ටට රැගෙන ආ රුපි­යල් කෝටි 5ක් වටිනා ජංගම දුර­ක­තන 1081ක් හා පෙන් ඩ්‍රයිව් 200ක් සමඟ ගුවන් මගීන් දෙදෙ­නකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ගුව­න්තො­ටු­පොළ ඒක­කයේ නිල­ධා­රීන් විසින් ඊයේ (17) උදෑ­සන අත්අ­ඩං­ගු­වට ගනු ලැබ ඇත.

ඩුබායි සිට මේ ජංගම දුර­ක­තන හා පෙන් ඩ්‍රයිව් රැගෙන විත් ඇත්තේ මන් මලු තුළ ඉතා සූක්ෂ්මව සඟ­වා­ගෙ­නය. මේ සැක­ක­රු­වන් දෙදෙනා වයස අවු­රුදු 24 හා 59 යන වය­ස්වල පසු වන කොළඹ 12 සහ 14 පදිං­චි­ක­රු­වෝය. ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත අලු­යම 04.55ට පැමිණ තිබිණි.

මේ සැක­ක­රු­වන් අවස්ථා කිහි­ප­ය­ක­දීම ඩුබායි ගොස් ඇති අය බව පෙනී ගොස් තිබේ. ඔවුන් දෙදෙනා එම භාණ්ඩද සමඟ රේගු­වට භාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ලය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT