106
යාපනයේ තාවඩි ප්‍රදේශයේ නිවසක මැද මිදුලක අඩි 12ක් උස ගංජා ගසක් වවාගෙන ඉන් කොටස් පානය කරමින් සිටි පුද්ගලයෙක් යාපනය පොලිසිය විසින් 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ගංජා ගස ඉතා නිරෝගී අන්දමට සරු ලෙස වැඩී තිබූ බව යාපනය පොලිසිය ප්‍රකාශ කළේය.
යාපනය පොලිසියේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් මත නිවෙස පරීක්ෂා කිරීමේදී එම ගංජා ගස හමු වී අති අතර පොලිසිය ගංජා ගස හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබුණේ තමාට දිනපතාම ගංජා පානය කිරීමට අවශ්‍ය නිසා එම ගස සිය නිවසේ සිටුවාගත් බවයි.
යාපනය පොලිසිය සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ