Home » කඩුවක් පෙන්වා කතකගේ ලක්ෂ 9ක රන් බඩු කඩාගත් සැකකරුවෝ බඩුත් එක්ක මාට්ටු

කඩුවක් පෙන්වා කතකගේ ලක්ෂ 9ක රන් බඩු කඩාගත් සැකකරුවෝ බඩුත් එක්ක මාට්ටු

by sachintha
May 14, 2024 1:10 am 0 comment

යාපනය නගරයේදී මහදවල් කාන්තාවකට කඩුවක් පෙන්වා ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ නවයක පමණ ස්වර්ණාභරණ කොල්ල කන ලද තුන් දෙනෙකුගේ කල්ලියෙන් සැකකරුවන් දෙදෙනෙකු විශාල කඩුවක් සහිතව යාපනය පොලිසිය විසින් පෙරේදා (12) අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තුන්වැනි සැකකරු පොලිසිය පැමිණෙනු දැක පලා ගොස් ඇති අතර, ඔහුව ද අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ. ස්වර්ණාභරණ කොල්ලකෑමෙන් පසුව එම කාන්තාව යාපනය පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලින් පසුව එක් සැකකරුවකු හා කොල්ලකෑමට යොදා ගත් කඩුවත් ඔවුන් පැමිණි යතුරු පැදියත් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් ලබා ගත් තොරතුරුවලට අනුව දෙවනි සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ. තුන්වැනි සැකකරු අත්අඩංගුවට ගනීමට පොලිස් නිලධාරීන් යන විට සිද්ධිය ආරංචිවී සිටි එම සැකකරු නිවෙසින් පලා ගොස් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ළඟ තිබී ඔවුන් විසින් මංකොල්ලකන ලද ස්වර්ණාභරණවලින් කොටසක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

සැකකරුවන් දෙදෙනා හා කඩුව ද යතුරු පැදිය ද යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT