ප්‍රවීණ කලාකරුවන් කැඳවා දරුවන්ට ඉගැන්වීම් නොමිලේ
රාජාංගණය ප්‍රදේශයේ වෙසෙන දිළිඳු දරුවන්ගේ කලා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් අවුරා ලංකා සෞන්දර්ය ඇකඩමිය නමින් උසස් තත්ත්වයේ ආයතනයක් පිහිටුවීම පසුගියදා සිදු කෙරිණි.
ඒ අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යවසායක වෛද්‍ය විරන්ජිත් තාඹුගල මහතාගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙනි. අවුරා ලංකා සමාගම මෙම සත් කාර්යයට අනුග්‍රහය ලබාදීමට හේතු වූයේ රාජාංගණය යාය 10, රන්දිය පොකුණ තරුණ සංවිධානය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමනි.
මෙම අවුරා ලංකා සෞන්දර්ය ඇකඩමිය තුළින් රාජාංගණය ප්‍රදේශයේ නාට්‍ය හා රංග කලාවට මෙන්ම සංගීතය සහ ගායනයට උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කලා හැකියාවන් වර්ධනය කර ජාතික තලයට ගෙන යෑම අවුරා ලංකා සමාගමේ අරමුණයි. අවුරා ලංකා නව සෞන්දර්ය ඇකඩමිය විවෘත කිරීම ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. මෙම අභිනව සෞන්දර්ය ඇකඩමියෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ වීම විශේෂත්වයකි. ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි කරවන ජ්‍යෙෂ්ඨ කලකරුවන්ට සියලු ගෙවීමි සිදු කරන්නේ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා විසින්ය.
මෙම අවස්ථාවට අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යවසායක වෛද්‍ය විරන්ජිත් තාඹුගල මහතා සමඟ චිත්‍ර විෂයය පිළිබඳ උපදේශක සුදත් අබේසේකර, ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු කලාකරුවන් රැසක් හා දරු දැරියන් සහ මවුපියෝ රැසක් එක්ව සිටියහ. නව සෞන්දර්ය ඇකඩමිය තුළ දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රසිද්ධ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් පමණක් කැඳවා ගැනීමට අවුරා ලංකා සමාගම සැලුසුම් කර තිබීම ද විශේෂත්වයකි.
අනුරාධපුර – උපාලි ආනන්ද