245
පළවන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ නව අණදෙන නිලධාරිනිය ලෙස මේජර් ඊ.එම්.එච්.සී ද සේරම් පී.එස්.සී. මහත්මිය පසුගියදා සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. නව අණදෙන නිලධාරීනිය බොරැල්ල කාන්තා බළකා කඳවුරේ ප්‍රධාන දොරටුව අබියස කඳවුරු මුරය පරීක්ෂා කිරීමෙන් පසු සම්මාන පෙළපාළිය පිරිනැමීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී නිල ලේඛනයට අත්සන් තබමින් රාජකාරි ආරම්භ කළාය.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක