Home » රග්බි දිරි ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි දෙයි

රග්බි දිරි ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලි දෙයි

by sachintha
May 14, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර මහතා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත මූල්‍ය ප්‍රදානය ලබාදුන් අවස්ථාව.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති ආසියාතික රග්බි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රග්බි පිල දිරි ගැන්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන් ඇමරිකානු ඩොලර් 30,000ක මුදල පිරිනැමීම පෙරේදා සිදු විය. ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී එම මුදල් ප්‍රදානය සිදු වුණි.

මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ ශ්‍රී ලංකා රග්බි අලුත් ගමනක් ආරම්භ කොට ඇති බවය. “ක්‍රීඩකයින් 45කගේ සංචිතයක් හදලා ඉදිරි වසර දෙක ඉලක්කකොට වැඩ සටහනකට යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට දිරිමත් කිරීමට මුල්‍යමය ප්‍රදානයක් ලබා දී තිබෙනවා. අපේ ක්‍රීඩකයින්ට දේශීයව හා විදේශීයව තරගාවලි 5ක් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව සකස් කර දී තිබෙනවා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා එදා තරගාවලියේ දී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය අනුව ඉදිරි ජයග්‍රහණ කරා යා හැකි බව“ ඇමැතිවරයා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT