ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතාගේ ඇගැයීමට ලක්ව ඇත.
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) පස්වරුවේ හමු වූ අතර එහිදී ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගැයීමට ලක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර