Wednesday, September 18, 2024
Home » පුතුගේ විභා­ගය නිමාව දකින තෙක් මවගේ වියෝ­ගය සඟ­වාන සිටි පියෙක්

පුතුගේ විභා­ගය නිමාව දකින තෙක් මවගේ වියෝ­ගය සඟ­වාන සිටි පියෙක්

තල්ග­ම්පි­ටි­යෙන් වාර්තා වන අති­ශය සංවේදි පුව­තක්

by Gayan Abeykoon
May 16, 2024 1:12 am 0 comment
කරා­පි­ටිය රෝහලේ ඖෂ­ධ­වේ­දිනි අයි­රාං­ගනී

සිය මව රෝහලේ ජීවි­තය හා මර­ණය අතර සට­නක යෙදී සිටින අත­ර­තුර පුතා සිය දිවියේ මුල්ම කඩ­යිම වන අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දෙන්නේ මව සුව වී නිවෙ­සට නිරු­ප­ද්‍රි­තව එනු ඇතැයි යන දැඩි විශ්වා­ස­යෙනි. ඒ සියලු අපේක්ෂා බිඳ දම­මින් විභා­ගය නිම වීමට දින 4ක් තිබි­යදී ඒ මව අව­සන් ගමන් යන්නේ පුතුගේ සාර්ථි­ක­ත්වය දකින්න තරම් වාස­නා­වක් නැති­වය. මේ කිසි­වක් නොදත් පුතු සාමාන්‍ය පෙළ විභා­ගය නිම කරන්නේ උසස් සාම­ර්ථ්‍ය­යක් ලැබ තම මවුගේ සිහි­නය යථා­ර්ථ­යක් කිරීම උදෙ­සාය. පුතුගේ විභා­ගය ගැන අප­රි­මිත බලා­පො­රොත්තු තබා සිටි සිය බිරි­යගේ බලා­පො­රාත්තු ඉටු කිරී­මත් පුතුගේ දිවියේ වැද­ගත් කඩ­යිම යහ­පත් මාන­සි­ක­ත්ව­යෙන් පසු කිරී­මට ඉඩ හැරී­මත් උදෙසා මව මිය ගිය බව පුතුට නොකියා සිටි­න්නට පියා සැල­කි­ලි­මත් වී තිබිණි.

ගාල්ල, තල්ග­ම්පි­ටි­යෙන් වාර්තා වන මේ අති­ශය සංවේදි සිද්ධිය සපු­රාම මෙසේය:

තල්ග­ම්පල ශ්‍රම­දාන මාවතේ පදිංචි වෘත්ති­යෙන් ගාල්ල කරා­පි­ටිය රොහලේ ඖෂ­ධ­වේ­දි­නි­යක වන බී.ජී. අයි­රාං­ගනී මහ­ත්මි­යගේ සහ කීර්තී නානා­ය­ක්කාර දෙප­ළගේ පුතුද මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටි අතර මේ දෙප­ළගේ බලා­පො­රො­ත්තුව වූයේ තම පුතු විභා­ග­යෙන් ඉහ­ළින්ම සමත් වනු දැකී­මය. පුතු විභා­ග­යට දැඩි කැප වීමෙන් හා උද්යෝ­ග­යෙන් පෙනී සිටින අයුරු මවු­පියෝ නිර­න්ත­ර­යෙන් සතුටු සිතින් බලා සිටි­යහ.

ඉකුත් 12 දා නිවෙසේ සියලු දෙනා දහ­වල් ආහා­රය ගැනී­මෙන් පසුව පුතුගේ සිත තවත් සතු­ටින් තැබීම සඳහා අතු­රු­ප­සට අයි­ස්ක්‍රීම්ද ගෙන ඒමට මවු­පියෝ කට­යුතු කළහ. සියලු දෙනා සතු­ටින් අයිස් ක්‍රීම් කමින් සිටින අත­ර­තුර අයි­රාං­ගනී මහ­ත්මි­යට එක්වර කැස්සක් මතු වූ අතර කැස්ස නතර නොවී දිගින් දිග­ටම ඇති වීමත් සමඟ ඇය සිහි­සුන් වූවාය. පසුව කල­බ­ල­යට පත් සැමියා, පුතු ඇතුළු පිරිස මව ඉක්ම­නින් රෝහ­ලක් කරා ගෙන යෑමට 1990 ගිලන් රථ සේව­යට දැනුම් දුන්හ. ගිලන් රථය කඩි­න­මින් පැමිණි නමුත් එහි සිටි අය රෝගියා රෝහ­ලට ගෙන යෑම ප්‍රති­ක්ෂෙප කර සිටියේ රෝගියා මිය ගොස් ඇති බැවින් ගිලන් රථ සේවයේ ගෙන ගිය නොහැකි බව පව­ස­මිනි. එසේම ගිලන් රථ සේවයේ පැමිණි අය රෝගි­යාට අවශ්‍ය ප්‍රථ­මා­ධාර හෝ ඔක්සි­ජන් දීමක්ද සිදු කර නැත. එහෙත් ඒ අව­ස්ථාවේ අසල සිටි හෙදි­යන් දෙදෙ­නකු රෝගියා පරීක්ෂා කර බලා ඇය මිය ගොස් නැති බැවින් කඩි­න­මින් රෝහ­ල්ගත කරන ලෙස දන්වා ඇත. එහෙත් ගිලන් රථයේ පැමිණි අය ඒ ඉල්ලී­මද ප්‍රති­ක්ෂේප කර තිබේ. මේ අව­ස්ථාවේ ඇයගේ පුතු විලාප දෙන්නට වීම නිසා ගිලන් රථ සේවයේ අය කිසි­ව­කුට දුර­ක­ත­න­යෙන් කතා කර රෝගියා මිය ගොස් ඇති බවත් දරු­වාගේ විලා­පය නිසා රෝගියා ගෙන එන බවත් පවසා කරා­පි­ටිය රෝහ­ලට ගෙන ගියේ යැයි අයි­රාං­ගනී මහ­ත්මි­යගේ සැමියා වන කීර්ති නානා­ය­ක්කාර මහතා කීවේය.

කරා­පි­ටිය රෝහ­ලට රෝගියා ගෙන ගිය විට වෛද්‍ය­ව­රුන් කඩි­න­මින් ඇය දැඩි සත්කාර ඒක­කයා ඇතු­ළත් කර ප්‍රති­කාර ආරම්භ කළ අතර, එසේ දින කිහි­ප­යක් දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පුතුගේ විභා­ගය නිම වීමට දින 4කට පෙරා­තුව ඇය මෙලොව හැර ගියාය. අයි­රාං­ගනී මහ­ත්මි­යගේ සිහි­නය තම පුතු ඉතා උසස් ලෙස විභා­ගය සමත් වීම බව අව­බෝධ කර­ගෙන සිටි සැමියා පුතුට මව මිය ගිය බැව් කීමට එය අව­ස්ථාව කර නොග­ත්තේය. මේ පුවත දැන­ගත හොත් එය දරා­ගැ­නී­මට නොහැ­කිව පුතු සිය අධ්‍යා­පන කට­යුතු අඩ­පණ කර ගනු ඇතැයි සිතු පියා විභාග කට­යුතු නිම වන තෙක් මවගේ මිය යෑම පුතුට නොප­වසා සිටි­න්නට තීර­ණය කළේය. මේ කිසි­වක් නොදත් පුතු සිතුවේ සිය මව රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටින බවයි. පුතාට ඒ බව විශ්වාස කිරී­මට හැකි වන සේ ගෙදර පරි­ස­ර­යද පියා විසින් සකස් කර තැබිණි.

මිය ගිය අයි­රාං­ගනී මහ­ත්මි­යගේ දේහය රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තබා පෙරේදා (14) පස්ව­රුවේ මල් ශාලා­වට භාර දීමට කට­යුතු කෙරිණි. ඇයගේ පුතු විභා­ගයේ අව­සන් දින විෂ­යය සඳහා පෙනී සිටි­මට ගාල්ලේ සිය පාසල වෙත ගිය පසු ඊයේ (15) දහ­වල් දේහය මල් ශාලාවේ තැන්පත් කර තැබී­මට පියා ඇතුළු පවුලේ ඥාතීහු කට­යුතු කළහ. ඇයගේ දේහය අද (16) ගාල්ල, තල්ග­ම්පි­ටියේ නිවෙ­සට ගෙන ඒමට නිය­මි­තය. මේ කිසි­වක් නොදත් පුතු තම මවට බර­ප­තළ රෝගී තත්ත්ව­යක් නැති බැවින් ප්‍රති­කා­ර­ව­ලින් පසු නිවෙ­සට ගෙන ඒමට හැකි­යාව ලැබෙ­තැයි සිතා සිය විභාග කට­යුතු නිම කර තිබේ.

පුතුගේ අනා­ග­තය අඳුරු නොකර සිහින ජය ගැන්මේ මාවත තර­ණය කර­න්නට පියා හා ඥාතීන් කළ එම ක්‍රියාව බොහෝ දෙනාගේ පැස­සු­මට ලක් වූ අතර ඒ සම්බ­න්ධ­යෙන් බොහෝ දෙනා පියා ඇතුළු ඥාතීන්ට ප්‍රණා­මය පළ කරන අයුරු දක්නට ලැබිණි.

මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්වන කීර්ති නානා­ය­ක්කාර මහතා පැවැ­සුවේ 1990 ගිලන් රථ සේවය රෝගියා රෝහ­ලට ගෙන­යෑම ප්‍රති­ක්ෂේප නොකර කඩි­න­මින් රෝහ­ලට ගෙන ගියේ නම් මීට වඩා වෙනස් සතු­ටු­දා­යක ප්‍රති­ඵ­ල­යක් අපට ලැබෙ­න්නට ඉඩ තිබුණු බවයි. මේ ආකා­ර­යට කට­යුතු කරන සුළු­ත­ර­යක් නිසා 1990 ගිලන් රථ සේවාව සම්බ­න්ධ­යෙන් ජන­තාව අතර පව­තින විශ්වා­සයේ බිඳී­මක් ඇති විය හැකි බවද හෙතෙම කීවේය.

අක්මී­මන විශේෂ - සුනිල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x