Wednesday, September 18, 2024
Home » ලන්ඩ­නයේ නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද ගිහින්
නින්දෙන් ඇවි­දීම ගැන

ලන්ඩ­නයේ නීති­ඥ­ව­රි­යට නඩු විභා­ගය අත­ර­තුර නින්ද ගිහින්

විනය පරී­ක්ෂ­ණ­ය­කුත් නියම වෙයි

by Gayan Abeykoon
May 16, 2024 1:26 am 0 comment

නින්දෙන් ඇවි­දීම පිළි­බඳ විශේ­ෂ­ඥ­ව­රි­යක වන නීති­ඥ­ව­රි­යක නඩු විභා­ග­යක් අත­ර­තුර නින්දට වැටීම හේතු­වෙන් විනය පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුව­රින් වාර්තා වේ. එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීති­ඥ­ව­රිය පසු­ගි­යදා ලන්ඩන් නුවර අධි­ක­ර­ණ­ය­කදී එම සිදු­වී­මට මුහුණ පා ඇතැ­යිද , නඩු විභා­ගය අත­ර­තුර දිවා ආහාර විවේ­ක­යේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතු­වෙන් ඇගේ සේවා­දා­ය­ක­යාගේ සාක්ෂි ඉදි­රි­පත් කිරිමේ අව­ස්ථාව ද මඟ හැරී ගොස් ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

නින්දෙන් ඇවි­දීම සම්බ­න්ධව ග්‍රන්ථ­යක් ද ප්‍රකා­ශ­යට පත් කර ඇති නීති­ඥ­ව­රිය නින්දට වැටී ඇත්තේ පිසන ලද තක්කාලි ආහා­ර­යට ගැනී­මෙන් මිනිත්තු පහ­කට පමණ පසුව බවත්, ඇය නින්දෙන් අවදි වී නැවත අධි­ක­රණ ශාලා­වට පැමි­ණෙද්දී අධි­ක­රණ භාෂණ පරි­ව­ර්තක (මුඩ්ලි­යර්) වාර තුනක්ම ඇගේ නඩුව කැඳවා තිබු බවත්, ඇය නොපැ­මි­ණීම හේතු­වෙන් නඩුව කල් දැමී­මට කට­යුතු කළ බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x