Home » රුසියානු-චීන සහයෝගිතාව ජාත්‍යන්තර සමබරතාව පිළිබඳ වැදගත් සාධකයක්

රුසියානු-චීන සහයෝගිතාව ජාත්‍යන්තර සමබරතාව පිළිබඳ වැදගත් සාධකයක්

by chanaka
May 16, 2024 12:19 pm 0 comment

රුසියානු-චීන සහයෝගීතාව ජාත්‍යන්තර කටයුතු තුලනාත්මකව පවත්වාගෙන යාමේ දී වැදගත් භූමිකාවක් ඉටුකරන බව රුසියානු විදේශ අමාත්‍ය සේර්ගෙයි ලැව්රොව් පවසයි. රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ 14 වැනිදා පැවති රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ චීන නිල සංචාරය දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති බව ද ලැව්රොව් මහතා පැවසීය. වඩාත් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෝක පටිපාටියක් පවත්වා ගැනීම සඳහා චීනය සමග එක්ව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව ද හෙතෙම සඳහන් කළේ ය.

ජාත්‍යන්තර පද්ධතියේ ප්‍රතිසංස්කරණ උදෙසා රුසියාව සහ චීනය කැප වී ක්‍රියා කරන බව ද ලැව්රොව් කියාසිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT