අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර යන අය රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.
වන් ට්‍රාන්ස් වර්ක්ස් ස්ක්වෙයාර් ආයතනයේ නිවාස ඒකක හතරක් දෙන බව පවසා රුපියල් ලක්ෂ 770ක් වංචා කළ බවට ව්‍යාපාරිකයකු ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී එම ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ රවී වෛද්‍යලංකාර යන අය සැකකරුවකු ලෙස නම් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
රවී වෛද්‍යලංකාර යන අයගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවකු ලෙස නම් කර ඇති එම ආයතනය වෙනුවෙන් නියෝජිතයකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහි අධ්යක්ෂවරයකු බව කියන ඉන්දීය ජාතික අමිත් කට්යාල් යන අය අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට වරෙන්තු නිකුත් කර ඇත. 2018 නොවැම්බර් මස 08 වැනිදා නිවාස ඒකක හතරක් ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් 1,399,999ක මුදලක් ලබා දී ඇත. මුදල් ලබාගෙන එම නිවාස ලබා නොදී ඒ වෙනුවට රුපියල් මිලියන 75ක් ලබා දෙන බව පවසා එය මඟ හැර ඒ වෙනුවට අගරු චෙක්පත් ලබා දීමක් සිදු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික කොඩිකාර කම්කානම්ලාගේ චන්ද්‍රෙස්න යන අය සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව කැඳවිණි.
නඩුවට අදාළව ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර්, එම සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ජානකී සිරිවර්ධන ඇතුළු 09 දෙනකුගේ සාක්ෂි සටහන් කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා වැඩිදුර වාර්තා සඳහා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.