Wednesday, September 18, 2024
Home » විභාග කාර්ය මණ්ඩ­ල­යට-පාස­ලට මල් කලඹ දී වැඳ කෘත­ගුණ දක්වති
විභා­ගය අව­සන් කළ දිඹු­ලා­ගල දරුවෝ

විභාග කාර්ය මණ්ඩ­ල­යට-පාස­ලට මල් කලඹ දී වැඳ කෘත­ගුණ දක්වති

by Gayan Abeykoon
May 16, 2024 1:18 am 0 comment
දරු­වන් පාස­ලට වැඳ නමස්කාර කරන ආකා­රය සහ මල් ක­ලඹ එල්ලා තිබෙන අයුරු

මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහු­ණ­දුන් දිඹු­ලා­ගල අධ්‍යා­පන කලා­ප­යට අයත් ලීලා­රත්න විජේ­සිංහ මහා විද්‍යා­ලයේ සිසු දරු දැරි­යන් පිරි­සක් ඊයේ (15) විභා­ගය අව­සන් වූ දිනයේ විභාග කාර්ය මණ්ඩ­ල­යට වැඳ නම­ස්කාර කිරී­මෙන් පසු තම විද්‍යා­ලය ඉදි­රි­පිට ප්‍රධාන ගේට්ටුව අස­ලට පැමිණ එම ගේට්ටුවේ මල් කල­ඹක් එල්ලා පාස­ලට නම­ස්කා­රය කර­මින් සමස්ත පාසල් සිසුන්ට ආද­ර්ශ­යක් ලබා­දු­න්නේය.

පොලො­න්න­රුව දිඹු­ලා­ගල ලීලා­රත්න විජේ­සිංහ මහා විද්‍යා­ලයේ සිසු දරු දැරි­යන් මෙවර 76 දෙනෙක් අධ්‍ය­යන පොදු සහ­තික

පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දුන්හ.

විභා­ගය අව­සන් වීමෙන් අන­තු­රුව විභාග කාර්ය මණ්ඩ­ල­යට, මල් කලඹ දී වැඳ නම­ස්කාර කර­මින් පිටව ගොස් ප්‍රධාන ගේට්ටුව අසල එම මල් කලඹ දවටා පාසල් ගීතය ද වාද­නය කර­මින් තමන් අධ්‍යා­ප­නය ලැබූ පාස­ලට වැඳ නම­ස්කාර කිරී­මට දූ දරු­වන් කෘත­ගුණ වූ බව ලීලා­රත්න විජේ­සිංහ මහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති බී.ඒ. අබේ­සිංහ බණ්ඩාර මහතා සඳ­හන් කළේය.

වසර ගණ­නා­වක් තමන්ට අධ්‍යා­ප­නය ලබා­දුන් පාස­ලක් හැටි­ය­ටත් එම කාලය පුරා තමන්ට ගුරු­හ­රු­කම් ලබා­දුන් සියලු ගුරු­ව­රුන්ට මෙන්ම අව­සාන වශ­යෙන් සාමාන්‍ය පෙළ විභා­ගය සඳහා මුහුණ දීමට උදවු උප­කාර කළ සහ ගුරු­හ­රු­කම් ලබා­දුන් සියලු විභාග කාර්ය මණ්ඩ­ල­යට වැඳ නම­ස්කාර කිරීම තමන්ගේ යුතු­ක­මක් බව පව­ස­මින්, පාසල දෙසට මල් කලඹ දිගු කර දණ ගසා, වැඳ නම­ස්කාර කර, නැවත උසස් අධ්‍යා­ප­නය කිරීම සඳහා පාස­ලට පැමි­ණෙන බවට පවසා සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දුන් සිසුන් පිටව යෑම ද විශේ­ෂ­ත්ව­යකි.

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x