යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ “චීන- ශ්‍රී ලංකා මිත්‍රත්ව පුස්තකාලය” සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිංහල පොත් තොගයක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා පැවසුවේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරණ සිසුන්ගේ වැඩිදුර අධ්‍යයන කටයුතු සදහා මෙම පොත් තොගය පරිත්‍යාග කළ බවයි.
මේ තුළින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ සිංහල භාෂාව උගන්වන චීන විශ්වවිද්‍යාල අතර සබඳතා තරකර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවැසීය.
සිංහල භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය, සමාජය හා කලාව ආදි විවිධ ක්ෂේත්‍රවලට අයත්පොත් 200ක්මීටඇතුළත්වේ.
මේ පරිත්‍යාගය ඉහළින් අගය කරමින් යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ පීඨාධිපති මහාචාර්ය ලියු ෂියුසෙන්(Prof. Liu Shusen) මහතා පැවසුවේ ප්‍රතිඋපකාරයක් ලෙස නුදුරු දිනවල දී චීන භාෂා පොත් තොගයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම සිංහල පොත් පරිත්‍යාගය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත්, විශේෂයෙන් ඒ සදහා මූලිකත්වය ගත් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාටත්, යුන්නාන් විශ්වවිද්‍යාලයේ ගෞරවය සහ ස්තූතිය පිරිනමන බව ද ඔහු පැවසීය.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාගේ මූලිකත්වයෙන්2022 වසරේදීපොත් 1000ක පරිත්‍යාගයකින් යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ “චීන- ශ්‍රී ලංකා මිත්‍රත්ව පුස්තකාලය” ස්ථාපිත කෙරිණ.