Home » ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

by chanaka
May 16, 2024 2:36 pm 0 comment

තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

එම අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද උදෑසන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අදාල පවුල ජීවත්වන නිවස සම්බන්ධයෙන් පළව තිබූ ප්‍රවෘත්ති වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු වීමෙන් පසුවයි.

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසන්නේ මෙම පවුලට ස්ථිර නිවසක් ලබා දීමට කටයුතු කරන බවයි. දැනටමත් ඊට අදාල තොරතුරු වාර්තා ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් ලබා දී ඇතැයිද සභාපතිවරයා කියයි.

තුන් නිවුන් දරු උපතක් බිහි කළ මව සහ ඔහුගේ සැමියා ඇතුළු දරුවන් හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජීවත් වන අතර රාත්‍රිය ගසක් උඩ පැලක ජීවත් වන බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT