Home » ටයර් දාල පුච්චනවා…ඇමැති ශෙහාන්ට මරණ තර්ජන

ටයර් දාල පුච්චනවා…ඇමැති ශෙහාන්ට මරණ තර්ජන

by chanaka
May 16, 2024 10:37 am 0 comment

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලකට අනුව කොටුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ(15) පස්වරුවේ අදාළ ඇමතුම ලැබී ඇති අතර එමගින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බවයි. තමා සතුව ‘ආයුධයක්‘ ඇති බවත් මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්‘ කියමින් අදාළ පාර්ශ්වය මගින් තර්ජනය කළ බව කොටුව පොලීසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

තර්ජනය සිදු කළ පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණය අවසර ගැනීම පොලීසිය විසින් අද දිනය තුළ සිදු කිරීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ මෙය පැරැණි ඝාතන සංස්කෘතියක නව හිස වීමක් විය හැකි බවයි. දේශපාලනික වශයෙන් සිය ගමන අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාව සංවිධානාත්මකව සිදු කරන එකක් විය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අරගලය නමින් සිය නිවාස ගිනිබත් කරන අවස්ථාවේ දී පවා නොබියව දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි තමාගේ දේශපාලන ගමන මෙවැනි බියගුලු ක්‍රියා මගින් ආපස්සට හැරවිය නොහැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT