Home » වනිඳු තුන් ඉරි­ය­ව්වෙන් ලොව අංක එකට

වනිඳු තුන් ඉරි­ය­ව්වෙන් ලොව අංක එකට

by Gayan Abeykoon
May 16, 2024 1:28 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ විස්සයි20 ක්‍රිකට් පිටියේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ පළමු ස්ථානය හිමි කර ගැනී­මට ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හස­රංග සමත්ව තිබේ.

මෙතෙක් කල් පෙර­මුණ ගෙන සිටි බංග්ලා­දේශ තුන් ඉරි­යව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සම­ඟින් වනිඳු සම­තැන ගෙන අංක එක ස්ථාන­යට පත්වීම විශේ­ෂ­ත්ව­යකි.

සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව පසු­ගි­යදා නිමාවූ විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් තරග දෙකට ශකීබ් එක්වූ අතර, මේ තර­ග­ව­ලින් පසු ඔහුගේ ශ්‍රේණි­ගත ලකුණු 3කින් අඩුවී ඇත. ඒ අනුව ශකීබ් අල් හසන් ශ්‍රේණි­ගත ලකුණු 228ක් වූ අතර, නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව වනිඳු හස­රංග ද ශ්‍රේණි­ගත ලකුණු 228ක් ලබා ගැනී­මට සමත්ව තිබේ.

මේ හේතු­වෙන් තවත් සති දෙක­කින් ආරම්භ වන විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ලොව අංක එකේ තුන් ඉරි­යව් ක්‍රීඩ­කයා වීමේ උණු­සුම් සට­නක් නිර්මා­ණය වී තිබේ.

වනිඳු පසු­ගිය පෙබ­ර­වාරි මස තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතර දෙවැනි ස්ථාන­යට පත්වූ අතර, ඒ අව­ස්ථාවේ පෙර­මුණ ගෙන සිටි ශකීබ් වනි­ඳුට වඩා ප්‍රසාද ලකුණු 17ක් ඉදි­රි­යෙන් සිටි­යේය.

ඇෆ්ග­නි­ස්තා­නයේ මොහො­මඩ් නබි තෙවැනි තැන සිටින අතර, බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව නිමා වූ තර­ගා­ව­ලි­යේදී දැක්වූ දස්කම් හේතු­වෙන් සිම්බාබ්වේ ක්‍රීඩක සික­න්දර් රාසා ස්ථාන දෙකක් ඉදි­රි­යට පැමිණ සිව්වැනි තැන හිමි කර ගෙන ඇති අතර, ඒ හේතු­වෙන් දකුණු අප්‍රි­කාවේ ඒඩන් මාක්‍රම් සහ ඔස්ට්‍රේ­ලි­යාවේ මාකස් ස්ටොයි­නිස් ස්ථාන­යක් බැගින් පහ­තට වැටී තිබේ.  මේ අතර විස්සයි20 පන්දු යව­න්නන් ශ්‍රේණි­ගත කිරී­ම්වල මුල් ස්ථාන­යන්හි වෙන­සක් සිදුව නොමැති අතර, වනිඳු දෙවැනි ස්ථාන­යේත්, මහීෂ් තීක්ෂණ 5 වැනි ස්ථාන­යේත් රැඳී සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT