Home » පුංචි ඡන්දේ නාමයෝජනා අවලංගු කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි

පුංචි ඡන්දේ නාමයෝජනා අවලංගු කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

by mahesh
May 17, 2024 1:00 am 0 comment

කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන

පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා අවලංගු කළ හැක්කේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු පනතකින් පමණක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අම්බලන්ගොඩ දී පෙරේදා (15) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමට කැඳවන නාම යෝජනා අවලංගු කිරීම කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් විතරයි. එවැනි ඕනෑම පනතක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අනිවාර්යයෙන්ම අභියෝගයට ලක් වෙනවා. මේ අවස්ථාවේ ඒක කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන කාරණය පැහැදිලි වෙනවා. මේකෙන් බලාපොරොත්තු වන්නේ අපේක්ෂකයන්ගෙන් ගැටලු විසඳීමට කියා කියන එක පිළිගන්න පුළුවන් දෙයක් නොවෙයි. මොකද මෙච්චරකල් අපේක්ෂකයන් වූ රජයේ සේවකයන්ගේ ගැටලුව දැන් විසඳලා තියෙන්නේ. අනිත් අපේක්ෂකයන්ට තියෙන එකම ප්‍රශ්නය තමයි ආණ්ඩුවෙන් පත් කරන අධීක්ෂණ කමිටුවලට යෝජනා එවන කමිටුවට පත් වෙන්න බෑ කියන එක. මොකද මැතිවරණ කොමිෂන් සභාව ඒකටයි විරුද්ධ නිසා යැයිද එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ පළාත් සභා ලබන වර්ෂයේ තියෙනවයි කියනවා. අලුතෙන් පනත් හදන්න දෙයක් නෑ. ගරු එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෞද්ගලික පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණය මීට පෙර පැවති ආකාරයෙන් ඡන්ද විමසීම පවත්වන්න කියලා. පළාත් සභා ඡන්ද විමසීම ඒ එක්කම යෝජනා කරලා තියෙනවා. අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ කමිටුවේදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අපිත් යෝජනා කරලා තියෙනවා මේක කඩිනමින් තියන්න ඕනේ කියලා. දැනටමත් අවුරුදු හතක් ප්‍රමාද වෙලා. හොරු අරන් ගිය පළාත් සභා ඡන්ද විමසීම ලබන අවුරුද්දේ තිබීම අත්‍යවශ්‍ය කරුණක් නොවෙයි. මම 2019 දි එවකට තේරී පත් වූ ජනාධිපතිවරයාට මේක තියන්නෙ නැත්නම් මගේ ඉල්ලා අස්වීම භාරගන්න කියලා ලියලා යැව්වා. පළාත් සභා ඡන්ද පළාත් පාලන ඡන්ද විමසීමත් අනිවාර්යයෙන් තබන්නට ඕනේ. මේ පළාත් පාලන ඡන්ද විමසීම හැකි වහාම තබන්නට ඕනේ. පළාත් සභා පනත නම් වෙනස් කරන්න වෙනවා. ජනාධිපතිවරණය කෙසේවත් කල් දැමීමේ හැකියාවක් නැහැ යැයිද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT