ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ දින තුනේ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට ඊයේ (16) තීරණය කර තිබේ.
වර්ජනය තාවකාලිකව නතර කළ ද තම සංගම් ඉල්ලූ කිසිදු ඉල්ලීමකට ආණ්ඩුවෙන් නිසි පිළිතුරක් නොලැබුණු බව සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ‘දිනමිණට’ ඊයේ (16) පැවැසීය.
ඉදිරි දින කිහිපයේදී හෝ සිය ඉල්ලීම්වලට ආණ්ඩුව සුබදායී පිළිතුරක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවත් එසේ නැති වුණහොත් දැඩි ක්‍රියාමාර්ගවලට යන බවත් හෙතෙම කීවේය.
ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (17) සියලු ග්‍රාම නිලධාරී සංගම් එක්ව සාකච්ඡාවක් පවත්වන බව ප්‍රධාන ලේකම්වරයා පැවැසීය. මැයි (06) සහ (07) මුල් පියවර ලෙසත් මැයි (14), (15) සහ (16) දෙවැනි පියවර ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ බව පැවැසූ ඒ මහතා තෙවැනි පියවරේදී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියේය.