Wednesday, September 18, 2024
Home » බ්‍රිතාන්‍ය ධනවතුන්ගේ ලැයිස්තුවේ චාල්ස් රජු අබිබවා අගමැති සුනාක් ඉදිරියට

බ්‍රිතාන්‍ය ධනවතුන්ගේ ලැයිස්තුවේ චාල්ස් රජු අබිබවා අගමැති සුනාක් ඉදිරියට

by sachintha
May 20, 2024 2:28 am 0 comment

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ සහ බිරිය අක්ෂටා මූර්තිගේ වත්කම පවුම් මිලියන 651 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ‘සන්ඩේ ටයිම්ස්’ ධනවතුන්ගේ ලැයිස්තුවේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව අගමැතිවරයා බ්‍රිතාන්‍යයේ වඩාත්ම ධනවත් පුද්ගලයන්ගේ වාර්ෂික ලැයිස්තුවේ චාල්ස් රජුටත් වඩා ඉදිරියෙන් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය වසරේදී අගමැතිවරයා සහ බිරිය පවුම් මිලියන 122ක් උපයා ඇතැයි ද වාර්තා වේ.

අගමැතිවරයාගේ වත්කම ඉහළ ගොස් ඇත්තේ බිරිය අක්ෂටාගේ පියා වන නාරායන මූර්තිගේ ඉන්ෆෝසිස් නමැති තොරතුරු තාක්ෂණ සමාගමේ කොටස් හිමිකාරීත්වය හේතුවෙන් බව ද වාර්තා වේ. පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරනු ලැබූ 2022 වසරේ ලැයිස්තුවට අනුව චාලස් රජු අගමැතිවරයාට වඩා ඉදිරියෙන් සිටියද මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 610ක් පමණක් බව ද එරට මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x