Wednesday, September 18, 2024
Home » කථානායක භාරයේ රාජ්‍ය ඇමැති ප්‍රසන්නට රු.300ක මනිඕඩරයක්

කථානායක භාරයේ රාජ්‍ය ඇමැති ප්‍රසන්නට රු.300ක මනිඕඩරයක්

by sachintha
May 20, 2024 1:45 am 0 comment

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාට කරන්දෙණියේ තරුණ පිරිසක් රුපියල් 300ක් තැපැල් මඟින් යැවූ පුවතක් කරන්දෙනියෙන් වාර්තාවේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී එහි සේවය කරන පෝටර්වරයකුට පහරදීමක් සිදුකළ අතර එයට හේතුව වූයේ විදේශගත වීමට ගිය අමාත්‍යවරයාගේ බිරියගේ පාර්සල් රැගෙන යාම සම්බන්ධව එම පෝටර්වරයාට ගෙවීමට නියමිත ගාස්තුව වන රුපියල් 1000 වෙනුවට රුපියල් 700 පමණක් ලබාදීම සම්බන්ධවයි.

එම නිසා එම පෝටර්වරයාට ලබාදිය යුතු ඉතුරු මුදල වන රුපියල් 300 කරන්දෙණියේ තරුණයන් පිරිසක් විසින් මනිඕඩරයක් තැපැල් මඟින් කථානායකවරයා භාරයේ ප්‍රසන්න රණවීර මහතාට යැවීමට කටයුතු කරන ලදී.

ඔවුන් පැවසුවේ රුපියල් 300ක් නිසා පුද්ගලයකුට රාජ්‍ය අමත්‍යවරයා පහර දීම නිසා අපි කථානායකවරයා භාරයේ රුපියල් 300ක මුදලක් අමාත්‍යවරයා වෙත තැපෑලෙන් යැවූ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x